ලීන් පෙරළිය ව්‍යාපාරික නවකතාව

“අමතර ආයෝජනයකින් තොරව ටොයෝටා සමාගම වැනි අධි ලාභ ලබන ව්‍යාපාරයක් බිහි කරන ලීන් ක්‍රමවේද 9 ක ප්‍රායෝගික විවරණය.”  

පිටු 320 පුරාවට දිවෙන සිංහල ව්‍යාපාරික නවකතාවක් ලෙසින් 

කතාවට පිවිසුම

සසිරි බිස්කට් ආයතනය මධ්‍යම පරිමාණ ශ්‍රී ලාංකික බිස්කට් නිෂ්පාදන ආයතනයකි. එසේම සසිරි සමාගම් ජාලයේ නව සාමාජිකයෙකි. ආරම්භයෙන් වසර දෙකකට පමණ පසුව, තවමත් පාඩු ලබන සසිරි බිස්කට් ආයතන විකුණා දැමීමට කළමනාකාර අධ්‍යක්ෂකවරයා තීරණය කරන්නේ තම කාලය සහ ශ්‍රමය තවදුරටත් මෙම ආයතනය කෙරෙහි යෙදවීමෙන් ඵල නැති බවත්, එම කාලය සහ ශ්‍රමය තමාගේ අනෙකුත් ලාභ ලබන ආයතන වල වැඩි දුර දියුණුවට යෙදවිය හැකි බවත් සිතීමෙනි.

මෙම තීරණයට අභියෝග කරන, අලුතින් සේවයට බැඳුණු එක් තරුණ කළමනාකරුවෙක්, සසිරි බිස්කට් ආයතනය ලාභ ලබන තත්ත්වය කරා ගෙන යාමේ වගකීම භාර ගනියි.

ලීන් පෙරළිය කථාව දිග හැරෙන්නේ මෙම තරුණ නායකයා, තමා මීට පෙර රැකියාව කල ආයතනයෙන් ලබා ගත් ලීන් පරිපාලනය පිළිබඳ දැනුම භාවිතයෙන් සසිරි බිස්කට් ආයතනය ලාභ ලබන තත්ත්වයට ගෙන යෑමට දරණ ප්‍රයත්නය සමඟයි.

ඔබත් "ලීන් පෙරළිය" පිටපතක් නිවසටම ගෙන්වා ගැනීමට පහත රතු බොත්තම ඔබන්න.

ප්‍රවාහන ගාස්තු සමග පොතේ මිල රුපියල් 2000

පොතේ මුල් පරිච්ඡේද දෙක කියවීමට නොමිලේ බාගත කරගැනීමට පහත කොළ බොත්තම ඔබන්න

මෙම ව්‍යාපාරික නවකතාවෙන් ඔබට..

  1. ඔබගේ ව්‍යාපාරය පාඩු ලබන හෝ අඩු හෝ මධ්‍යම ප්‍රමාණයේ ලාභ ලබන ආයතනයක සිට ටොයෝටා වැනි අධි ලාභ ලබන ආයතනයක් දක්වා ක්‍රමාණුකූලව ඉතා කෙටි කලක් තුල පියවරෙන් පියවර රැගෙන යන ආකාරය ලීන් ක්‍රමවේද 9 ක් ආශ්‍රයෙන් ප්‍රායෝගිකව විවරණය කර ඇත.

  2. දැනට ලෝකයේ බොහෝ ව්‍යාපාර සාර්ථකත්වයට ගෙන ගිය ලීන් ක්‍රම්වේද 9 පිළිබඳව ප්‍රථම වරට සරළ සිංහල භාෂාවෙන්  පැහැදිළි අවබෝධයක් ලබා ගත හැක.

      1. A3 ක්‍රමවේදය (A3 Thinking)

      2. නාස්ති අට (8 Wastes)

      3. ඕනෝ කවය (Ohno Circle)

      4. එස් පහ ක්‍රමවේදය (5S)

      5. ගෙම්බා කයිසන් (Gemba Kaizen)

      6. විද්‍යාත්මක ප්‍රශ්න විසඳීම (Scientific Problem Solving)

      7. ක්‍රියාවලි සිතියම් ගත කිරීම (Process Mapping)

      8.  ලීන් මිණුම් දඬු (Lean Matrices)

      9.  අගය ප්‍රවාහ සිතියම් (Value Stream Mapping)

  3. ඔබගේ ව්‍යාපාරයේ වෙනසක් සිදු කිරීමට යාමේදී සිදු විය හැකි ප්‍රධානම වැරැද්දක් සහ එය නිවැරදි කරගෙන ඉදියට යන ආකාරය මනාව විස්තර කර ඇත

  4. නව කතාවක ස්වරූපයෙන්, ශ්‍රී ලාංකික උදාහරණ සහිතව සරල බසින් ලියා ඇති නිසා කුමන අධ්‍යාපන මට්ටමක් සිටියත් පහසුවෙන් අවබෝධ කරගත හැක

  5. ඔබගේ රැකියාවේ උසස් වීමක් හෝ වෙනත් ඉහළ තලයක රැකියාවක් ලබා ගැනීමට මහත් සේ උපකාරී වන චින්තන ක්‍රමවේදයන් ප්‍රායෝගිකව ඉදිරිපත් කර ඇත.

"ලීන් පෙරළිය" ව්‍යාපාරික නව කතාව, ඕනෑම මට්ටමේ ව්‍යාපාරිකයෙකුට, ව්‍යාපාරයක් ඇරඹීමට සිතන කෙනෙකුට හෝ දැනට රැකියාවක නිරත වන්නෙකුට කියවන සෑම විටම නව අවබෝධයක් ලැබෙන සේ පෙළගස්වා ඇත.

කතුවරුන් පිළිබඳ

ලපිත ගුණසිංහ

( TPS Instructor| MBA (ICFAI)| Industrial Eng (IMS)/Lean Black Belt/ Six Sigma Black Belt|)

  • Director – ICEES Global
  • Former Vice President – Lean Enterprise, inQube Global (Pvt) Ltd
  • Former Country Manager, Quantum Apparel Cambodia
  • Former General Director/ Head of Operations, Hop Lun Vietnam (Pvt) Ltd
  • Former Deputy General Manager – Lean Enterprise, MAS Holdings (Pvt) Ltd
  • former Manager – Lean Implementation, Walmart Global Sourcing (Pvt) Ltd, Bangladesh
  • Former Snr Industrial Engineer, MAS Linea Aqua (Pvt) Ltd
  • 20 years of working Experience in Manufacturing and driving Enterprise Excellence in Maldives, Bangladesh, Hong Kong, Vietnam, Cambodia and Sri Lanka.
  • Have been mentored by Japanese & American Toyota consultants for 10 years. Being Trained in Japan at AOTS Chubu Kenshu Center, Nagoya and Toyota Engineering Corporation (TEC). Exposure in Toyota Manufacturing, Warehousing and Distribution Facilities, Nagoya
  • Lean Black Belt – MAS Holdings
  • Certified TPM Instructor – Japanese Institute of Plant Maintenance (JIPMs)
  • Conducted workshops and training in MAS Lean Academy and Headed Blue Belt Training Program
  • Successfully facilitated several continuous improvement projects and process innovation in different industriesS

අසංක හේනේගෙදර

(Certified TPM Instructor MBA(PIM)|BSc Eng| ACMA| CGMA |Lean Six Sigma Black Belt)

  • Director – ICEES Global
  • Led multiple lean initiatives in Overall Lean Transformation and Special Tools including New Product Development, Quick Changeover and Total Productive Maintenance at MAS Group Lean Enterprise & Divisional Lean Enterprise for 9 years
  • Has been mentored by Japanese Toyota consultants for 4 years
  • Being Trained in Japan at Toyota Engineering Corporation (TEC), Nagoya; AOTS Chubu Kenshu Center, Nagoya; Exposure in Toyota Manufacturing, Warehousing and Distribution Facilities, Nagoya
  • Conducted more than 100 workshops and trainings on Yellow Belt, Blue Belt, Green Belt, Advanced 5S, 8 Step Problems Solving and Value Stream Mapping, Total Productive Maintenance
  • Experience in lean maturity assessments in 40+ textile and apparel plants in Sri Lanka, Bangladesh and Indonesia
  • Possess MBA from Postgraduate Institute for Management (PIM), Bsc Engineering from University of Moratuwa and ACMA/CGMA from CIMA.
  • Exposure to state-of-the-art manufacturing facilities such as Toyota Corporation in Japan and India
  • Lean Six Sigma Black Belt and TPM Practitioner (JIPM)

ලපිත ගුණසිංහ අවුරුදු 20 කට අධික කාලයක් ශ්‍රී ලංකාව, බංගලාදේශය, වියට්නාමය, මාලදිවයින, කාම්බෝජය සහ හොංකොන් යන රටවල් වල මාස් හෝල්ඩින්, වෝල් මාට් සහ ඉන්කියුබ් ග්ලෝබල් වැනි සුප්‍රකට ආයතන වල ලීන් ක්‍රමවේද ක්‍රියාතමක කිරීමෙන් එම ආයතනවල සුවිශේෂී දියුණුවන් කිරීමට නායකත්වය ලබා දුන්නේය. අසංක හේනේගෙදර මොරටුව සරවියෙන් ඉංජිනේරු උපාධිය ලබා ප්‍රථම රැකියාව ලෙස මාස් හෝල්ඩින් ආයතනයේ ප්‍රධාන ලීන් ක්‍රමවේද අංශය සමග සම්බන්ධ වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සේවා ඉන්ජිනේරු අංශය, නොරිටාකේ, සාරකෙත, ස්ට්‍රෙට්ච්ලයින්, හයිඩ්‍රාමණි වැනි විවිධ ක්ශේත්‍ර ගණනාවක ලීන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උපදේශනය ලබා දුන්නේය. ඔවුන් දෙදෙනාම එක්ව ICEES Global ආයතනය නිර්මාණය කළ අතර, ඔවුන් සහ ජපානයේ ටොයෝටාහි ලීන් නිර්මාතෲ වරුන් අතර තිබූ සමීප සම්බන්ධතා හේතුවෙන් ටොයෝටා ඉන්ජිනේරු ආයතනයේ (Toyota Engineering Corporation) දකුණු ආසියානු නියෝජිතයන් බවට පත් විය. ශ්‍රී ලංකාවේ සහ කලාපීය රටවල දශක තුනකට වැඩි ලීන් අත්දැකීම් සහ ටොයෝටා ලීන් ක්‍රමවේද නිර්මාතෲ වරුන්ගේ සමීප ඇසුරෙන් ලැබූ දැනුම ශ්‍රී ලාංකීය සමාජයට බද්ධ කරමින් පුද්ගලයින්ගේ, ආයතනයන්ගේ සහ රටේ ඵලදායීතාවය ඉහළට ගෙන එමින්, අනික් රටවල් සමග කරට කර තරඟ කළ හැකි ව්‍යාපාර බිහිකිරීමේ අරමුණෙන් “ලීන් පෙරළිය” නව කතාව මෙසේ එළිදක්වන ලදී.

ඔබත් "ලීන් පෙරළිය" පිටපතක් නිවසටම ගෙන්වා ගැනීමට පහත රතු බොත්තම ඔබන්න.

ලීන් පෙරළියේ ප්‍රධාන චරිත

“ඔයා දන්නව දැන් මේ බිස්නස් එකේ තත්ත්වය. අවුරුදු දෙකක් තිස්සෙ අපි මේකත් එක්ක ඔට්ටු වෙනවා, ඒත් තාම බැරි වුනා ලාභ ලබන්න. මම මේකෙ ණය ගෙවන්නෙ මගෙ අනිත් බිස්නස් වලින් එන ආදායමෙන්. මේ බිස්නස් එක මෙහෙම දුවන්න බැහැ. මට මේ වෙනකොටත් බිස්නස් එකට ලංසුවක් ඇවිත් තියෙන්නෙ. මම මේක ගැන තීරණයක් ගන්නවා”
සංජය සිරිවර්ධන
කළමණාකාර අධ්‍යක්ෂ
“සමන්ට මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව, මං ගැන විශ්වාස කරල ලබා දුන්න එක ගැන. මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරි මාස තුන අතුලත මගේ දැනුම පාවිච්චි කරල බලාපොරොත්තු වන වෙනස ඇති කරන්න. ඒ වගේම පුංචි චකිතයකුත් තියෙනවා අවුරුදු දෙකක් තිස්සෙ කරන්න බැරි උන දෙයක් මාස තුනක් වගේ කාලයක් ඇතුළත කරන්න ඕන කියන එක ගැන."
රමේෂ් තිලකරත්න
නිෂ්පාදන කළමණාකරු
"මේ විදිහට අපිට ක්‍රියාවලියක තියෙන නාස්ති අවම කරගෙන ගියොත් අපිට බිස්නස් එකට දැනන වෙනසක් කරන්න පුළුවන් කෙටි කාලයකින්ම. අපිත් එක්ක ඉන්න මිනිස්සු තමයි මේ නාස්ති අයින් කරන කාර්ය කරන්නෙ. ඉතින් අපි මුලින්ම කරන්න ඕනෙ මිනිස්සු අයින් කරන එක නෙවේ!"
ශානක ඩි සිල්වා
ලීන් උපදේශක
"හම්ම්..ප්‍රධානතම කාරණාව තමා අපේ නිෂ්පාදන පිරිවැය. අපේ බිස්කට් කිලෝ එකකට යන ගාන රන්චි එකට වඩා සීයට විස්සක් විතර වැඩියි. අනිත් එක තමා මුදල් චක්‍රය. අපි සැපයුම්කරුවන්ගෙන් ගන්න අමුද්‍රව්‍ය වලට ගෙවන්න ඕන මාසයක් ඇතුළත."
ජයන්ත වීරසේකර
මූල්‍ය අංශයේ ප්‍රධානී
“අපෝ අපේ අය.. බොස් ඉස්සරහ හරි හරි කිව්වට කරන්න ගියාම දහසක් දේවල් කියයි නොකර ඉන්න”
ගිහානි සුරවීර
මානව සම්පත් අංශයේ ප්‍රධානී
“අපි හරියට දැන ගෙන පටන් ගත්ත නම් මෙලහට අපිට ලාභ ලබන්න තිබුණ කියල හිතෙන්නෙ නැද්ද? ඒ කියන්නෙ මේ ඔක්කොම අපේ කාලෙ නාස්තියක් නෙවේද?”
නලින් නානායක්කාර
නව නිෂ්පාදන සහ තත්ත්ව පාලන ප්‍රධානී
"අපි සැලසුම් කරපු වෙලාවට ඇණවුම් ලබා දෙන්න බැරි වෙන වාර අනන්තයි. මේක හින්ද වෙළඳපොළේ අපේ නිෂ්පාදන අඛන්ඩව තියාගන්න අපිට බැරි වෙලා තියෙනව. ඒක නිසා ගැණුම්කරුවන් ඉල්ලන්කොට අපේ නිෂ්පාදන වෙළඳපොළේ නැහැ."
සුපුන් සපරමාදු
විකිණුම් අංශයේ ප්‍රධානී
"එහෙම ඉලක්කයක් දැනට දාල නැහැ. අපි පුළුවන් තරම් බලන්නෙ යන්ත්‍ර නොකැඩී තියා ගන්න තමා"
සුසන්ත චන්ද්‍රසේන
නඩත්තු අංශය
“සමන්, මට ඔබතුමා කියන දේ තේරෙනවා. ඒත් දැන් මගේ පවුලෙ වගකීම් වැඩි වෙලා. පොඩි එකා දැන් ඉස්කෝලෙ යන නිසා වයිෆ්ට තනියම කර ගන්න අමාරුයි. ඒක නිසා තමා මම මේ තීරණය ගත්තෙ. එහෙම නැත්නම් මම මේක දාල යන්නෙ නෑ”
ලක්ශාන් වරුසවිතාන
හිටපු සාමාන්‍යාධිකාරී

ඔබත් "ලීන් පෙරළිය" පිටපතක් නිවසටම ගෙන්වා ගැනීමට පහත රතු බොත්තම ඔබන්න.

ලීන් පෙරළියේ හිතට වදින කතා..

“ඒකට තමා ලීන් ක්‍රමවේදය උදව් වෙන්නෙ. ජයන්ත දන්නවද ලීන් කියන වචනෙ තේරුම?”

“ලීන් කියන එකේ තාක්ෂණික තේරුම කොහොමද දන්නෙ නෑ. නමුත් සාමාන්‍ය තේරුම කියන්නෙ කෙට්ටු, නිරෝගී, මහත නැහැ කියන එකනෙ?”

“හරියට හරි. ලීන් කියන එකේ අර්ථය ඒක තමා. ලීන් මැනේජ්මන්ට් කියල අපි කරන්නෙ කලින් කිව්ව වගේ අමතර ක්‍රියාවලි, නාස්ති, අලුත් විචල්‍යය එකතු වෙලා මහත් වෙලා සංකීර්ණ වෙලා හෙමින් දුවන ක්‍රියාවලියක් නැවත කෙට්ටු කරල, සරල කරල, වේගයෙන් දුවන, නිෂ්පාදන ධාරිතාව සහ කාර්යක්ෂමතාව වැඩි ක්‍රියාවලියක් බවට පත් කිරීම.”

“හරි දැන් තමා තේරෙන්නෙ”

“මහත සංකීර්ණ මන්දගාමී ක්‍රියාවලියක් කෙට්ටු සරල වේගවත් ක්‍රියාවලියක් කරන්නෙ ප්‍රධාන පියවර තුනකින්. මුලින්ම අපි දකින්න ඉගෙන ගන්න ඕන අපේ ක්‍රියාවලි වල තිබෙන නාස්ති එහෙම නැත්තන් මේ අනවශ්‍ය විදිහට සංකීර්ණ වෙලා තියෙන ක්‍රියාවලි මොනවද කියල. දෙවනුව කරන්නෙ, විද්‍යානුකූලව මේ සංකීර්ණත්වය ලිහා ගෙන, ඊට අදාළ හේතු මූල හොයා ගන්න එක. තෙවනුව කරන්නෙ, එම හේතු මූල විසඳීම සහ නැවත එම ප්‍රශ්න ඇති නොවන ලෙස නව සම්මත වැඩ කිරීමේ ක්‍රමවේද ඇති කිරීම. ඇත්තටම මම මේක සරලව කිව්වට මේ පියවර තුන ඇතුළෙ ගොඩක් ක්‍රමවේද භාවිතා වෙනවා. ඒව ගැන පොත් ගණනක් ලියන්න පුළුවන්”

“මේකනෙ සමන්. ගොඩක් පුද්ගලික ආයතන වල වැඩ කරන අය අනුගමනය කරන්නෙ කූඩැල්ලා තියරිය. කූඩැල්ල තමන් ඉන්න අත්ත අතහරින්නෙ හැම වෙලේම තවත් අත්තක් අල්ල ගෙන.”

සමන්ට මේ පිළිබඳ තිබුණේ වෙනත් අදහසකි. ඔහු හැම විටම සිතුවේ දියුණු වීමට නම් අවදානමක් ගත යුතු බවයි. මෙතෙක් කල් ජීවිතයේ ඔහු ලැබූ සෑම සාර්ථකත්වයක් පිටුපසම ඔහු යම් අවදානමක් ගෙන තිබුණි. සමහර වෙලාවට ඔහු තම සිටින අත්තෙන් පනින්නේ ගොඩක් ඈතින් ඇති අත්තකට ය. ඒ වැටුනොත් වැටෙද්දෙන් කියාය. නමුත් එසේ වැටුන අවස්ථා වලට වඩා ඇත්තේ කෙසේ හෝ ඉහළ අත්තක් අල්ලා ගත් අවස්ථා ය.

“හැබැයි නලින්, හැමෝම කූඩැල්ලො වගේ නැහැ. වඳුරො වගේ කට්ටියත් ඉන්නවා”

“ඒ කිව්වෙ?”

“වඳුරො ලොකු අතුවලට යන්නෙ අනිත් අත්ත අල්ල ගෙන මේ අත්ත අත ඇරල නෙවේ. කෙලින්ම මේ අත්තෙන් අනිත් අත්තට පැනල. ඒක තමා කූඩැල්ල හෙමීටත් වඳුර වේගයෙනුත් තමන්ගෙ ගමන යන්නෙ”

ඔය සංකීර්ණත්වය කළමනාකරණය කරන්න තමා අපි වගේ කළමනාකරුවෝ දාල තියෙන්නෙ. නමුත් මිනිස්සු විදහට කාලයක් තිස්සෙ, අපි ඔය සංකීර්ණත්වය එක්ක ජීවත් වෙන්න හුරු වෙනවා. ඊට පස්සෙ ඔය කියන සංකීර්ණත්වය සාමාන්‍ය දෙයක් වෙනවා ” නැවතත් ජයන්ත නළල රැලි කරනවා රමේෂ් දුටුවේ ය.

“මම ජයන්තට පොඩි උදාහරණයක් දෙන්නම්. මතකද දැන් මාස දෙකකට විතර කලින් සුලි සුළඟට අර පිටි පස්සෙ වතුර කරාම තියෙන හරියට, එහා වත්තෙ ලොකු කොස් ගහක් ඇල වුනා.”

“ඔව් අපි කතා වුනා එතන වතුර බොන එක අවදානම් කියල”

 “ඒක කපන්න අවසර ගන්න කල් යන නිසා ඒ තිබ්බ වතුර බටේ කපල අලුත් වතුර කරාම ටිකක් තාවකාලිකව මීටර් සීයක් විතර දුරින් දාල දුන්න.”

“ඔව් අපේ සුසන්තලනෙ කළේ. මම ම තමයි බට ගන්න බිල් වලට අත්සන් කළේ.”

“සති දෙකකට කලින් අර කොස් ගහ අයින් කලා. හැබැයි තාම වැඩ කරන අය වතුර බොන්න, කාල අත හෝදන්න මීටර් සීයක් විතර ඇවිද ගෙන යනවා. තාම කාගෙන් වත් ඉල්ලීමක් ආවත් නෑ, දුර වැඩියි, වතුර කරාම නැවත තිබුණ තැනට වෙනස් කරන්න කියල. ඒ ගොල්ලොම තමා ඒ දවස් වල කිව්වෙ දුර වැඩියි, යන්න අමාරුයි, වැඩ පාඩු වෙනවා කියල. ඒත් දැන් ඒක ඒගොල්ලොන්ට ගානක් නෑ. අලුත් සංකීර්ණත්වත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා”

“බොහෝ වේලාවට අපිට ප්‍රශ්නයක් පැමිණි වෙලාවට ප්‍රශ්නයේ ස්වරූපය විශ්ලේෂණය කරනවා වෙනුවට එම ප්‍රශ්නයට හේතුව උපකල්පනය කිරීමටත් ඒ හරහා හැකි ඉක්මනින් කල යුත්ත තීරණය කිරීමටත් පෙළඹෙනවා. මේ චින්තන රටාවට තමා ස්වයංක්‍රීය චින්තන රටාව කියන්නෙ. ඉංග්‍රීසියෙන් කිව්වොත් ඔටෝමැටික් තින්කින් (Automatic Thinking) කියල කියන්නෙ. මේ ස්වයංක්‍රීය චින්තන රටාව අපිට පුරුදු වෙන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදන්.

අපි ඉස්කෝලෙ විභාග වලට උත්තර ලියන්නෙ කොහොමද? උත්තර ටික කට පාඩම් කරගෙන ගිහින් ප්‍රශ්නය දැක්ක ගමන් ලියල එනවා. ලියනව නෙවේ අලවල එන්නෙ. ඊට පස්සෙ රස්සාව කරන්න ගියාම අපිට පඩිය දෙන්නෙ අපි දෙන විසඳුම් වලට. අපි ප්‍රශ්නෙ විසඳපු විදිහ ගැන අහන්නෙ එහෙමත් වෙලාවක. මේ නිසා අපි ගොඩාක් දෙනෙක් නිරාසයෙන්ම ස්වයංක්‍රීය චින්තන රටාවට හුරු වෙනවා විතරක් නෙවෙයි එම ක්‍රමය නිවැරදිම ක්‍රමය කියල දෘශ්ඨියකට එළඹෙනවා.”

“රමේෂ් අහල තියනවද, අන්ධයෝ හත් දෙනා ඇතාව දැක්ක විදිහ?”

“අහල තියෙනව ශානක හැබැයි හරියට මතක නෑ.”

රමේෂ් පිළිතුරු දුන්නේය.

“අන්ධ අය දකින්නෙ ඇගිලි තුඩු වලින්. ඒ කියන්නෙ යමක් අල්ලල තමයි ඒ අය ඒ දේ ගැන අවබෝධයක් ලබා ගන්නෙ.
දවසක් අන්ධ පුද්ගලයෝ හත් දෙනෙක් ගියා ලු ඇතෙක් මොන වගේද කියල තේරුම් ගන්න.

පළවෙනි එක්කෙනා ඇතාගෙ හොඬවැල අල්ලල කියනවා ඇතා නිකං සර්පයෙක් වගේ කියල. දෙවනි එක් කෙනා දල දෙක අල්ලල කියනවා නෑ ඇතා හරියට හෙල්ලක් වගේ කියල. තුන්වෙනි කෙනා ඇතාගෙ කන අල්ලල කියනවා එහෙම නෙවේ ඇතා කුල්ලක් වගේ කියල. හතරවෙනිය ඇතාගෙ කකුල අල්ලල කියනවා මට තේරෙන විදිහට ඇතා වංගෙඩියක් වගේ කියල. පස්වෙනිය ඇතාගෙ බඳ අල්ලල කියනව ඇතා තාප්පයක් වගේ කියල. හයවෙනිය ඇතාගෙ නැට්ට අල්ලල කියනව ඇතා කඹයක් වගේ කියල. අන්තිමට හත්වෙනිය ඇතා ගෙ වලිගෙ කෙඳි ටික අල්ලල කියනව ඇතා කොස්සක් වගේ කියල.”

කතාව නැවතූ ශානක මද විරාමයක් ගත්තේය. රමේෂ් මෙම කථාව සසිරි ආයතනයට ආදේශ කරන්නේ කෙසේදැයි සිතමින් ඉතා උනන්දුවෙන් සවන් දුන්නේය.

“ මේ එක විස්තර කිරීමකින් වත් අපි දන්න ඇතා ව විස්තර වෙනවද?”

“ඇතා ගෙ අහලින් වත් යන්නෙ නෑ”

රමේෂ් පිලිතුරු දුන්නේය.

“අපේ ව්‍යාපාර වලත් මේ තත්ත්වය ලොකුවට තියනවා රමේෂ්. ඇතා තමයි විසඳන්න ඕනෙ ව්‍යාපාරික ගැට‍ළුව. හැමෝම දන්නව ඇතෙක් ඉන්නව කියල. හැබැයි ඒගොල්ලො වෙන වෙනම ඇතාගෙ තමන්ට අදාළ කොටස දිහා විතරක් බලල, තමන්ට ගෝචර වෙන විදිහට ඇතාව විස්තර කරගෙන, තනියෙන් ඇතාව අයින් කරන්න බලනවා. එහෙම නැත්තං ඇතා මෙතන ඉන්න හේතුව මම නෙවේ අරය කියල තව කාට හරි වරද පවරන්න බලනවා.

හැබැයි ඇතාගෙ ප්‍රමාණය කවුරුත් තේරුම් ගන්නෙ නෑ. ඇතාව සම්පූර්ණයෙන් දකින්නෙත් නෑ. ප්‍රශ්නය සමස්තයක් විදිහට දකින්නෙ නැතුව කොහොමද රමේෂ් ප්‍රශ්නය විසඳන්නෙ? ”

“අපි උදාහරණයක් අර ගෙන බලමු. පළවෙනි මූලධර්මය තමයි අගය හඳුනා ගැනීම. සසිරි චොකලට් ක්‍රීම් බිස්කට් පැකට් එකක් කවුරු හරි සල්ලි දීල ගන්නෙ ඇයි? එයා ඒ මිල ගෙවන්න සසිරි ආයතනය ලබා දෙන අගයන් මොනවද?”

“මිලට ලැබෙන බිස්කට් ප්‍රමාණය නැත්නම් බර, චොකලට් රස, ක්‍රීම් වල රස, බිස්කට් එකේ හැපෙන සුලු බව සහ ගුණාත්මක බව.” රමේෂ් පිලිතුරු දුන්නේය.
“හොඳයි රමේෂ්, ඒ තමයි අපේ ගැනුම්කරු අගය කරන දේවල්. මේ අගයන් නිසා තමයි ගැනුම්කරු සසිරි බිස්කට් සල්ලි දීල ගන්නෙ. ඒක නිසා මේ අගයන් හඳුනා ගැනීම ඉතාම වැදගත්. මොකද ගැනුම්කරු අපිත් එක්ක ඉන්නෙ එම අගයන් අපි ලබා දෙනකම් විතරයි.”

“දෙවනි මූලධර්මය මෙම හඳුනාගත් අගයන් ගැනුම්කරු ට ලබා දෙන්න අපි භාවිත කරණ VSM එක හඳුනා ගැනීම. මේක වැදගත් ඇයි? ගැනුම්කරුට අගය ලබා දෙන්න අපි භාවිත කරණ ක්‍රියාවලිය තමයි VSM එක. ඒ ක්‍රියාවලිය අපි හරියට හඳුනා නො ගෙන, අපිට උපරිම අගය ගැණුම් කරුට ලබා දෙන්න නො හැකි වෙන්න පුළුවන්. ඒ වගේම, ආයතනයක් විදිහට උපරිම තත්ත්වයකින්, අඩුම වියදමකින් සහ කෙටිම කාලයකින් ආයතනයේ ක්‍රියාවලිය සිදු කිරීමේ හැකියාව මඟ හැරෙන්නත් පුළුවන්. අපි අද කරන්නෙ සසිරි ආයතනය ගැණුම් කරුවන්ට අගය නිර්මාණය කරණ VSM එක හඳුනා ගැනීම.”

“තුන් වෙනි මූලධර්මයෙන් අදහස් වෙන්නෙ අපි හඳුනාගත්ත VSM එක හරහා අමුද්‍රව්‍ය ප්‍රවාහයට ඇති බාධා ඉවත් කිරීම. හරියට ගඟක් අඛණ්ඩව ගලාගෙන යනව වගේ.
කියන්න බලන්න මේ බාධා කියල අදහස් කරන්නෙ මොනවද?”

“අපේ ක්‍රියාවලියෙ තියෙන නාස්ති. ප්‍රධාන වශයෙන් අනවශ්‍ය තොග. ඊට අමතරව බලා සිටීම, අධි ක්‍රියාවලි සහ පළුදු වගේ දේවල්” මෙවර උත්තරයත් රමේෂ් ගෙනි.

“බොහොම හොඳයි. අපි VSM එකේ අනාගත ක්‍රියාවලිය රූප ගත කිරීම සිදු කරන්නෙ මෙන්න මේ අමුද්‍රව්‍ය ප්‍රවාහයට තියෙන බාධා අවම කරන අරමුණ පෙරදැරිව.

ඔබත් "ලීන් පෙරළිය" පිටපතක් නිවසටම ගෙන්වා ගැනීමට පහත පෝරමය පුරවන්න.

තවත් තොරතුරු දැන ගැනීමට අමතන්න

+94740655763