ලීන් පෙරළිය ව්‍යාපාරික නවකතාවේ හඳුන්වාදෙන ලීන් ක්‍රමවේද 9 ක් තව දුරටත් විස්තරාත්මකව, ගැඹුරින්, ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක්. ලීන් පෙරළිය Toolkit Training පාඨමාලාව ICEES ආයතනයේ පළපුරුදු ලීන් උපදේශකයින් විසින් සිංහල මාධ්‍යයෙන් සිදු කරනු ලබයි. ICEES ආයතනය ලීන් ඉගැන්වීම් සඳහා ISO 18404 සහතිකයෙන් පුදුම් ලබා ඇති අතර, ලංකාව තුළ සිංහල මාධ්‍යයෙන් මෙවැනි පාඨමාලාවක් සිදු කරන ප්‍රථම අවස්ථාවද මෙය වේ.

දිනකට පැය 3 බැගින් දින 6 පුරාවට පැවැත්වෙන මෙම පාඨමාලාව අවසානයේදී ඔබට

මෙම පාඨමාලාව කවුරුන් උදෙසාද?

2021 ඔක්තෝබර් මාසයේ ඇරඹෙන මීලඟ පාඨමාලාවට එක් වෙන්න

පාඨමාලා කාලසටහන

සෙනසුරාදා දින 6ක් (දිනකට පැය 3 බැගින්)

සෙනසුරාදා (ඔක් 2, 9, 16, 23, 30 සහ නොවැ 6) : පෙ.ව 9.00 සිට 12.00

අවසාන විභාගය – නොවැම්බර් 13  (60 MCQs | 24 Hours).

පාඨමාලාවේ අන්තර්ගතය

  • නාස්ති 8 හඳුනා ගැනීම
    • ලීන් වල ඉතිහාසය
    • අගය යනු කුමක්ද?
    • අගය එකතු කරන ක්‍රියා සහ නාස්ති
    •  ප්‍රායෝගිකව නාස්ති දැකීම සහ සටහන් කිරීම
  • එස් 5 සංකල්පය
    • ආයතනය පිළිවෙලට තබා ගැනීම
    • පිළිවෙල සහ ඵලදායීතාවය
    • එස් 5 ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම
    • වරදින තැන්
  • ක්‍රියාවලි සිතියම්
    • ක්‍රියාවලි සිතියම් ඇඳීම
    • සේවා පරිසරයක නාස්ති දැකීම
    • ක්‍රියාවලියක නාස්ති සහ අගය සාරාංශ
    • ප්‍රායෝගික ක්‍රියාකාරකම
  • ගෙම්බා කයිසන්
    • නිරන්තර දියුණුවේ චින්තනය
    • ගෙම්බා නායකත්වය
    • ගෙම්බා කයිසනයක අනිවාර්‍ය කරුණු
    • ප්‍රායෝගික ක්‍රියාකාරකම
  • තත්ත්ව කව මෙවලම්
    • තත්ත්ව කව වල වැදගත්කම සහ ආකෘතිය
    • තත්ත්ව මෙවලම් 7
    • තත්ත්ව කව තරඟ සඳහා සහභාගී වීම
    • ප්‍රායෝගික ප්‍රශ්න විසඳීම
  • ලීන් ප්‍රශ්න විසඳීමේ ක්‍රමය 
    • ප්‍රශ්න වර්ග 3
    • මාළු කටු සහ ඇයි පහ ක්‍රමවේද
    • ස්වයංක්‍රීය චින්තනය සහ විචක්ෂණ චින්තනය
  • A3 චින්තනය
    • PDCA ක්‍රමවේදය
    • අලුත් ප්‍රශ්න ගොඩ නැගීම
    • ඕනෑම ප්‍රශ්නයක් තනි කොළයකින් විසඳීම
  • ලීන් මිනුම් දඬු
    • පිරිවැය
    • වෙලාවට නිකුත් කිරීම
    • තත්ත්වය
    • ඵලදායීතාවය
  • අගය ප්‍රවාහ සිතියම්
    • ටැක්ට් කාලය සහ චක්‍ර කාලය
    • අගය ප්‍රවාහ සංකේත
    • වර්තමාන තත්වය දැක්වීම
    • ප්‍රවාහයට ඇති බාධක හඳුනා ගැනීම
    • අනාගතයේදී තිබිය යුතු තත්වය දැක්වීම

විශේෂඥ ලීන් පුහුණු මඬුල්ල

සුජීව වෛද්‍යතිලක  Sujeewa Waidyathilake

( Bsc Engineering (University of Moratuwa, Certified TPM Practitioner, Industrial Engineering Expert)

වසර 23 කට වඩා ලීන් සංක්ල්පය සථාපනය කිරීමේ අත්දැකීම් සපිරි සුජීව වෛද්‍යතිලක මහතා මාස් හෝල්ඩින් ආයතනයේ ලීන් සම්බන්ධ කළමණාකරුවෙකු ලෙස සේවය කළේය. දේශීය සහ විදේශීය පුහුණුවීම් ගණනාවකට සහභාගී වී ඇති ඒ මහතා මේ වන විට කළමණාකරුවන් 1000 කට වඩා ලීන් සම්බන්ධව පුහුණු කිරීම් සිදු කර ඇත.

Sujeewa has 23 years hands on experience acquired through success in managerial positions in the field of manufacturing in MAS and has gained a wealth of experience working closely with world’s leading consultants and undergone oversees trainings. He has trained more than 1000 managers, executives, Team Leader and Group Leaders for the lean concepts. Also he coached more than 100 executives and managers for Lean Belts, Lean projects and work study techniques

රසාන්ජනී ලියනගේ Rasanjanie Liyanage

(Lean Black Belt (MAS Holdings), MBA, Bsc)

ලීන් ප්‍රායොගික යොදා ගැනීම් සම්බන්ධයෙන් වසර 20 කට වඩා අත්දැකීම් ඇති රසාන්ජනී ලියනගේ මහත්මිය ලීන් කළු පටි ධාරිණියකි. මාස් හෝල්ඩින් ආයතනයේ ලීන් ස්ථාපනය සම්බන්ධයෙන් ඉහළ කළනාකරණ තනතුරු රැසක් හෙබවූ ඒ මහත්මිය මේ වන විට ලීන් සම්බන්ධව ලෝකයේ තිබෙන ප්‍රධානම ග්‍රන්ථය වන “Toyota Way” ග්‍රන්ථය ICEES ආයතනය හා සම්බන්ධ වී සිංහලයට පරිවර්තනය කිරීමේ විශාල කර්ත්ව්‍යටද අතගසා ඇත.

Over 20 years of manufacturing industry experience holding many senior management positions in MAS Group including Manager –Divisional Lean Enterprise –MAS Bodyline. A strong believer in Lean Manufacturing. Trained for lean Methodology at  Toyota Engineering Corporation, Japan and  AOTS, Japan

සතිල ධර්මසිරි Sathila Dharmasiri

(B. Sc. (Physical Science). the University of Colombo. Lean Six Sigma Black Belt. Lean Enterprise Black Belt. CIMA Part Qualified)

වසර 10 කට වඩා නිශ්පාදන අංශයේ ලීන් ස්ථාපනය කිරීමේ පළපුරුද්ද ඇති සතිල ධර්මසිරි මහතා වසර 4 කට වඩා වැඩි කාලයක් මාස් ඉන්ටිමෝ ආයතනයේ ලීන් මූලෝපාය ස්ථාපන අංශයට නායකත්වය ලබා දුන්නේය. ඊට අමතරව ආයතනයක් ලාභාංශ සහ ධාරිතාව ලීන් සංකල්ප භාවිතයෙන් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ජ්‍යාත්‍යන්තර McKensey ආයතනයෙන් විශේෂ පුහුණුවක්ද ලබා තිබේ.

Over 10 years of experience in leading Lean process Improvements in manufacturing and support services. Over 4 years of experience in heading Lean Strategy in one of the independent business units. Hands-on experience in executing turnaround strategies to improve bottom-line. Expertise in fundamental and strategic Lean concepts

සංජීව දසනායක Sanjeewa Dassanayake

(Lean Consultant/Specialist in Quality Circles
Lean Green Belt/MBA University of Cardiff Metropolitan)

වසර 20 කට වඩා දේශීය සහ විදේශීය වශයෙන් ලීන් ස්ථාපනය කිරීමේ ප්‍රායෝගික අත්දැකීම් සපිරි සංජීව දසනායක මහතා මාස් හෝල්ඩින් ආයතනය, කොලොම්බියා ආයතනය වැනි ජ්‍යාත්‍යන්තර ආයතන රැසක කළමනාකරණ ධූරයන් හොබවා තිබේ. ජපානයේ ටොයෝටා ආයතනයෙන් විශේෂ ලීන් පුහුණවක් ලබා ඇති එතුමා පුද්ගල අභිප්‍රේරණය සහ කණ්ඩායම් දියුණු කිරීම සම්බන්ධයෙන්ද විශේෂඥයෙකි.

Former Manager Lean MAS Intimates ( Ltd, Country Manager Quality Assurance Columbia
Sportswear ( Ltd, Head of Production MAS Prym Intimates ( Ltd. Hands on in improving productivity, Re engineering Quality Assurance Functions, Introducing Quality
Circles in different manufacturing and service environments. Trained in Japan a t AOTS Chubu Kenshu Center Nagoya, Exposure in Toyota Manufacturing Process,
Makita Manufacturing Process Nagoya

ලීන් පෙරළිය කතෲවරුන් සහ විශේෂඥ පුහුණුකරුවන්

ලපිත ගුණසිංහ Lapitha Gunasinghe

( TPM Instructor| MBA (ICFAI)| Industrial Eng (IMS)/Lean Black Belt /Six Sigma Black Belt)

ශ්‍රී ලංකාව, බංගලාදේශය, මාලදිවයින, හොන් කොන් සහ කාම්බෝජය වැනි රටවලත් වෝල්මාට්, හොප්ලුන් සහ මාස් හෝල්ඩින් වැනි ආයතන වලත් ලීන් ස්ථාපනය කිරීමේ වසර 23 ක හසල අත්දැකීම් සපිරි ලපිත ගුණසිංහ මහතා ICEES ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි. මීට පෙර ඒ මහතා InQube ආයතනයේ ලීන් ස්ථපනය සම්බන්ධයෙන් උප සභාපති ධූරය හෙබවීය.

Lapitha has more than 23 years of experience in lean organizational transformation. He has led lean transformation initiatives in well-known multinationals including Walmart, MAS Holdings, and Hop-Lun in Hong-Kong, Sri Lanka, Bangladesh, Maldives and Cambodia.

අසංක හේනේගෙදර  Asanka Henegedara

(Certified TPM Instructor MBA(PIM)|BSc Eng| ACMA| CGMA |Lean Six Sigma Black Belt)

පේෂකර්ම, ඇඟලුම්, පෝසිලේන්, ගුවන් සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර වල ලීන් ස්ථාපනයේ අත්දැකීම් සපිරි අසංක හේනේගෙදර මහතා වසර 10කට වැඩි කාලයක් ලීන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබයි. දැනට ICEES ආයතනෞඒ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ඒ මහතා මාස් හෝල්ඩින්ආයතනයේ ලීන් අංශයේද McKensey ආයතනය සමඟ තරුණ නායකයෙකු ලෙසද කටයුතු කළේය.

Asanka was one of the Young Leaders from Mckensey Turnaround program at MAS Holdings before he joined as a Director at ICEES global. He has coached lean transformation initiatives in multiple industries including porcelain, airlines, textile and agriculture.

ICEES ආයතනය විසින් පවත්වන zoom වැඩමුළු සමඟ ඔබත් එක් වන්න

Innovation Center for Enterprise Excellence Solutions (ICEES) is a process innovation solutions provider specializes on Lean (Toyota Production System), Six Sigma and Total Productive Maintenance (TPM) concepts. Our vision is to enable potential by pioneering transformation for the good of individuals and enterprises. We deliver knowledge and solutions with our expert team that collectively possess 130+ years of hands on experience on enterprise transformation. To bring first hand lean knowledge, ICEES has partnered with Toyota Engineering Corporation in Japan.